IMFවලින් පාකිස්ථානයටත් ඩොලර් බිලියන 03ක්

IMFවලින් පාකිස්ථානයටත් ඩොලර් බිලියන 03ක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් පාකිස්ථානයට අමෙරිකානු ඩොලර් බිලියන 03ක ණය මුදලක් අනුමත කර තිබෙනවා.

ඒ අනුව ඩොලර් බිලියන 1.2 ක් පමණ ක්ෂණිකව ලබා දෙන අතර ඉතිරි මුදල මාස නවයක් ඇතුළත ලබා දෙනු ඇති.

පසුගිය වසරේ ඉම්රාන් ඛාන් අගමැති ධුරයෙන් පහකිරීමෙන් පසු ඇති වූ තත්තවය මධ්‍යයේ පාකිස්ථානය විදේශ ණය ගෙවීමට උත්සාහ කිරීම නිසා එරට ගෙවුම් ශේෂ අර්බුදයකින් පීඩා විඳිමින් සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

උද්ධමනය සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති අතර, ඩොලරයට සාපේක්ෂව පාකිස්ථාන රුපියල වාර්තාගත ලෙස පහත වැටී ඇති බවද සඳහන්.

පාකිස්ථානයේ විදේශ විනිමය සංචිත සතියකට පමණ පෙර ඩොලර් බිලියන 04ක පමණ ඓතිහාසික අවම මට්ටමකට අඩු වී ඇති බවයි වාර්තා වන්නේ.

පවතින තත්ත්වය හමුවේ පසුගිය අඟහරුවාදා සෞදි අරාබියෙන් ඩොලර් බිලියන 2 ක ණයක් වසරක් සඳහා පාකිස්ථානයට ලැබී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තාවලට අනුව, මේ මාසය අවසන් වන විට පාකිස්ථානයේ විදේශ විනිමය සංචිතය ඩොලර් බිලියන 15 දක්වා ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

Share This