Instagram ගිණුමේ සටහනක් තබමින් දික්කසාද වූ ෆින්ලන්ත අගමැතිනිය

Instagram ගිණුමේ සටහනක් තබමින් දික්කසාද වූ ෆින්ලන්ත අගමැතිනිය

ෆින්ලන්ත අග්‍රාමාත්‍ය Sanna Marin සිය විවාහයෙන් දික්කසාද වන බව ප්‍රකාශ කර තිබෙනවා.

සිය Instagram ගිණුමේ සටහනක් තබමින් ෆින්ලන්ත අග්‍රාමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ව්‍යාපාරිකයෙකු මෙන්ම හිටපු වෘත්තීය පාපන්දු ක්‍රීඩකයෙකු වන Markus Räikkönen සමග 2020 වසරේ දී විවාහ දිවියට පිවිසෙන ෆින්ලන්ත අග්‍රාමාත්‍යවරිය දියණියකගේ මවක් ද වනවා.

සිය සැමියාගෙන් දික්කසාද වුවද මව්පියන් සහ මිතුරන් ලෙස ඉදිරියටත් කටයුතු කරන බවයි ෆින්ලන්ත අග්‍රාමාත්‍යවරිය සඳහන් කර ඇත්තේ.

2019 වසරේ දී ෆින්ලන්තයේ අග්‍රාමාත්‍ය ධුරයට පත් වූ 37 හැවිරිදි වියේ පසු වන Sanna Marin ලොව ලාබාලතම අගමැතිවරිය ලෙස සැළකෙනවා.

Share This