Instagram ගිණුමකින් යළි හමුවූ කුඩා කාලයේ මිතුරිය

Instagram ගිණුමකින් යළි හමුවූ කුඩා කාලයේ මිතුරිය

තම කුඩා කාලයේ මිතුරිය සමග සම්බන්ධ වීමට අවශ්‍ය කාන්තාවක් ඇයව සොයා ගැනීමට Instagram ගිණුමක් නිර්මාණය කර තිබෙනවා.

Instagramහි නව ගිණුමක් නිර්මාණය කරමින් මිතුරිය සෙවීමට පටන් ගෙන ඇති අතර මේ වන විට ඇයගේ කතාව සමාජ මාධ්‍ය පුරා පැතිර ගොස් තිබෙනවා.

Neha නම් කාන්තාව ඇගේ මිතුරිය වන Lakshitha සොයා ගැනීම සඳහා @finding_Lakshita ලෙසින් ගිණුම නිර්මාණය කර මිතුරියගේ තනි ඡායාරුපයක් එහි හුවමාරු කර තිබෙනවා.

Instagramහි හුවමාරු කරගත් වීඩියෝවක Neha මහත්මිය කියා සිටියේ තමා සමාජ මාධ්‍යවල තම මිතුරියගේ නම ඇති පුද්ගලයින්ට පණිවිඩ යැවීමට පවා පටන් ගත් බවයි.

දින කිහිපයකට පෙර Neha විසින් ඇයගේ මිතුරිය සම්බන්ධ සියලු තොරතුරු පවසමින් වීඩියෝවක් බෙදාගෙන ඇති අතර එය මිලියන 07ක පිරිසක් නරඹා ඇති බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.

අවසානයේ Neha මිතුරියව සොයා ගැනීමට සමත් වූ අතර @finding_lakshita ගිණුමෙහි ගේ ජීව දත්තද යාවත්කාලීන කර, මිතුරිය සොයාගැනීමේ මෙහෙයුම සාර්ථක වූ බවට සටහනක් තබා තිබෙනවා.

 

Share This