
IOC සහ සයිනොපෙක් සමාගම්ද ඉන්ධන මිල අඩු කරයි
අද (01) සිට ක්රියාත්මක වන පරිදි ලංකා IOC සහ සයිනොපෙක් සමාගම් ද සිය ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබෙනවා.
ඒ අනුව සංශෝධනය වූ සිපෙට්කෝ ඉන්ධන මිල ගණන්වලට සාපේක්ෂව ඉන්ධන මිල ගණන් සංශෝධනය වී ඇති බව සඳහන්.
ඔක්ටේන් 92 වර්ගයේ පෙට්රල් ලීටරයක මිල රුපියල් 11කින් පහළ දැමීමට තීරණය කර ඇති අතර එහි නව මිල රුපියල් 344ක්.
ඔක්ටේන් 95 වර්ගයේ පෙට්රල් ලීටරයක් රුපියල් 41කින් පහළ දමා ඇති අතර එහි නව රුපියල් 379ක් වනවා.
කෙසේවෙතත් ඔටෝ ඩීසල් මිලෙහි කිසිඳු වෙනසක් සිදුකර නැහැ.
සුපර් ඩීසල් මිලද රුපියල් 22කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 355ක් වනවා.