IPL කුසලානය හිමිවන්නේ කාටද?

IPL කුසලානය හිමිවන්නේ කාටද?

ඉන්දීය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගය අද (26) රාත්‍රියේදී පැවැත්වෙනවා.

තරගය පස්වරු 7.30ට චෙන්නායිහිදී ආරම්භ වීමට නියමිතයි.

කොල්කටා නයිට්රයිඩර්ස් සහ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම් අවසන් තරගයේ දී තරග වදිනවා.

IPL තරගාවලියක අවසන් මහ තරගයට සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සුදුසුකම් ලබන්නේ තුන්වන වතාවටයි.

එහි හිමිකාරීත්වය කලානිධි මාරන් විසින් දරන අතර කොල්කටා කණ්ඩායමේ හිමිකාරීත්වය ශාරුක් ඛාන් විසින් දරනු ලබනවා.

Share This