
IPL තරඟාවලිය පැවැත්වෙන දිනය නම් කරයි
ඉන්දීය ප්‍රිමියර් ලීග් 2025 ක්‍රිකට් තරගාවලිය මාර්තු 22 වැනිදා ආරම්භ වීමට නියමිතව තිබෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.
ඒ අනුව IPL තරගාවලිය මාර්තු 22 සිට මැයි 25 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත බව සඳහන්.
තරඟාවලිය ක්‍රීඩාංගන 13කදී, තරග 74ක් යටතේ පැවැත්වීමට නියමිත අතර, එක් දිනකදී තරග දෙක බැගින් ක්‍රීඩා කිරීමට නියමිත බවයි වාර්තා කරන්නේ.
එමෙන්ම තරගාවලියේ පළමු තරගය මාර්තු 22 වැනිදා පැවැත්වීමට නියමිතයි.
පසුගිය වාරයේ ශූරතාවය දිනූ Kolkata Knight Riders කණ්ඩායම හා Royal Challengers Bengaluru කණ්ඩායම අතර එම තරගය පැවැත්වීමට නියමිත බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.
2025 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සඳහා මෙවර ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 07ක් ක්‍රීඩා කිරීමට නියමිතව තිබෙනවා.