IPL පිටියට සමුදුන් කාර්තික්

IPL පිටියට සමුදුන් කාර්තික්

රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ කඩුලු රකින ක්‍රීඩක දිනේෂ් කාර්තික් අයි.පී.එල්. පිටියෙන් සමුගෙන තිබෙනවා.

තරගාවලියේ පෙරේදා (22) පැවති දෙවැනි අවසන් පූර්ව වටයේ තරගයෙන් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම හමුවේ කඩුලු 4කින් පරාජයට පත් වූ බැංගලෝර් කණ්ඩායමට තරගාවලියේ අවසන් මහා තරගය අහිමි වීමත් සමග ඔහු තම සමුගැනීම ප්‍රකාශයට පත් කළ බව සඳහන්.

අයි පී එල් තරග පිටියේ විවිධ කණ්ඩායම් නියෝජනය කරමින් තරග 257 කදී ලකුණු 4842 ක් අර්ධ ශතක 22ක් සමගින් රැස්කර ගැනීමට සමත් වූ කාර්තික් මෙවර තරගාවලියේදී ද අර්ධ ශතක 2ක් රැස් කිරීමට සමත් වුණා.

Share This