IS නායකයා ඝාතනය කළා ද ? සියදිවි හානිකර ගත්තා ද ?
ඉස්ලාමීය රාජ්ය හෙවත් අයි.එස්. සංවිධානයේ නායක අබු ඊබ්රාහිම් අල් -හෂිමි අල් – කුරයාෂි ඇමරිකානු මෙහෙයුමකදී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
සිරියාවේදී අමෙරිකානු හමුදා ඊයේ සිදු කළ මෙහෙයුමක් අතර තුර අයි.එස්. නායකයා මෙලෙස මියගිය අතර අයි.එස්. සංවිධානයේ නායකයා ඝාතනය කිරීමට සැලසුම් සකස් කිරිම අරම්භ වුණේ මීට මාස කිහිපයකට පෙර සිට බව පෙන්ටගනය පවසන්නේ.
ඊයේ සිදු කළ මෙම මෙහෙයුමක් අතරතුර අයි.එස්. නායකයා මියගියේ ඔහු විසින්ම පුපුරුවාගත් බෝම්බයකින් බවත් පෙන්ටගනය නිවේදනය කළා.
අබු ඊබ්රාහිම් 2019 වසරේ අයි.එස්. නායක අබු බකර් අල් බග්ඩාඩි මියයාමෙන් පසු අයි.එස්. සංවිධානයේ නායකත්වයට අබු ඊබ්රාහිම් අල් -හෂිමි අල් – කුරයාෂි පත් වුණා.