IS ප්‍රහාරයකින් සිරියානු සොල්දාදුවන් 23ක් මරුට

IS ප්‍රහාරයකින් සිරියානු සොල්දාදුවන් 23ක් මරුට

නැගෙනහිර සිරියාවේ IS සටන්කාමීන් විසින් හමුදා බස් රථයකට එල්ල කරන ලද ප්‍රහාරයකින් අවම වශයෙන් සිරියානු සොල්දාදුවන් 23 දෙනෙකු මිය ගොස් ඇති බව වාර්තා වනවා

සොල්දාදුවන් 10කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති අතර තවත් පිරිසක් අතුරුදන් වී ඇති බවයි පැවසෙන්නේ

මෙම ප්‍රහාරය IS සටන්කාමීන් විසින් මෙම වසරේ සිදු කළ මාරාන්තිකම ප්‍රහාරය ලෙසයි හඳුන්වනු ලබන්නේ.

මේ අතර එක්සත් රාජධානිය පදනම් කරගත් නිරීක්ෂණ කණ්ඩායමක් වන මානව හිමිකම් සඳහා වන සිරියානු නිරීක්ෂණාගාරය (SOHR) පැවසුවේ මරණ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බවයි.

IS සාමාජිකයින් පසුගිය සති කිහිපය තුළ සිරියාවේ උතුරු සහ ඊසානදිග ප්‍රදේශවල ඔවුන්ගේ ප්‍රහාර වැඩි කර ඇති බවද විදෙස් මාධ්‍ය පවසනවා

Share This