Joe Biden නැවතත් ජනාධිපතිවරණයට?

Joe Biden නැවතත් ජනාධිපතිවරණයට?

ලබන වසරේ දී නැවත මැතිවරණයකට ඉදිරිපත් වීමට සැලසුම් කර ඇති නමුත් එය ප්‍රකාශයට පත් කිරීමට තමා සුදානම් නොමැති බව අමෙරිකානු ජනාධිපති Joe Biden පවසනවා.

කෙසේවෙතත් ධවල මන්දිරයේ ඉහළම උපදේශකයින් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ අමෙරිකානු ජනාධිපතිවරයාගේ මැතිවරණ ව්‍යාපාරය ආරම්භ කිරීම සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට සූදානමින් පසුවන බවයි.

Joe Biden අප්‍රේල් 11 සිට 15 දක්වා දින 5 ක කාලයක් අයර්ලන්තයේ සංචාරයක ද නිරත වීමට නියමිතව තිබෙනවා.

ඔහු සමග එක්සත් ජනපද රාජ්‍ය ලේකම් Antony Blinken ද එම සංචාරයට එක්වීමට නියමිත බැවින් එය වඩාත් තීරණාත්මක සංචාරයක් වනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

Share This