Johnny Deppගෙන් ඩොලර් මිලියනයක පරිත්‍යාගයක්

Johnny Deppගෙන් ඩොලර් මිලියනයක පරිත්‍යාගයක්

හොලිවුඩ් සුපිරි නළු Johnny Depp විසින් ඩොලර් මිලියනයක පරිත්‍යාගයක් දයාවේ සේවා 05කට යොදා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

වර්ජිනියා අධිකරණය විසින් නියෝග කරන ලද පරිදි Amber Heard ඇගේ පෙර ස්වාමි පුරුෂයා වූ Johnny Depp හට ඩොලර් මිලියනයක වන්දි මුදලක් ගෙවමින් ඔවුන්ගේ ලෝක ප්‍රසිද්ධියට පත්වූ අපහාස නඩුව සමථයකට පත් කර ඇති බවයි වාර්තා වන්නේ.

පසුගිය වසරේ ජූනි මාසයේදී, වර්ජිනියා ජූරි සභාව විසින් Depp මහතාට ඩොලර් මිලියන 10 ක වන්දි මුදලක් සහ ඩොලර් මිලියන 5 ක දණ්ඩනීය හානි ප්‍රදානය කළ අතර Ms Heard හට වන්දි වන්දි වශයෙන් ඩොලර් මිලියන 2 ක් ප්‍රදානය කර තිබෙනවා.

‘පයිරේට්ස් ඔෆ් ද කැරිබියන්’ තරුවට ඩොලර් මිලියනයක වන්දියක් ගෙවීමට Heard මහත්මිය එකඟ වීමෙන් අනතුරුවයි මෙම අපහාසාත්මක නඩුව සමථයකට පත්වී ඇත්තේ.

People’s සඟරාවේ වාර්තාවකට අනුව Johnny Depp ඔහුට වන්දි වශයෙන් ලැබුණු මුළු මුදල දයාවේ සේවා පහකට පරිත්‍යාග කිරීමට තීරණය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

Share This