Kandy Falcons කණ්ඩායමට ජය

Kandy Falcons කණ්ඩායමට ජය

ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ Lyca’s Jaffna Kings කණ්ඩායම සමග පැවති තරගයෙන් කඩුලු 7ක ජයක් හිමි කර ගැනීමට Kandy Falcons කණ්ඩායම සමත් වුණා.

කාසියේ වාසිය දිනූ Kandy Falcons කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් Jaffna Kings කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 224ක් ලබා ගත්තා.

එහිදී අගනා පිති හරඹයක නිරත වූ පැතුම් නිස්සංක ලකුණු 119ක් රැස් කිරීමට සමත් වූ අතර ඊට හයේ පහර 4ක් සහ හතරේ පහර 16ක් ඇතුලත් වුණා.

තරගයේ ජයග්‍රාහී ඉලක්කය හඹා සිය Kandy Falcons කණ්ඩායම පන්දුවාර 18යි පන්දු 2ක් තුළ කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 230ක් ලබා ගනිමින් ජයග්‍රහණය වාර්තා කළා.

එහිදී දිනේෂ් චන්දිමාල් ලකුණු 89ක් සහ කමිඳු මෙන්ඩිස් ලකුණු 65ක් ලබා ගත්තා.

Share This