Kandy Falcons කණ්ඩායමට ලකුණු 180ක ඉලක්කයක්

Kandy Falcons කණ්ඩායමට ලකුණු 180ක ඉලක්කයක්

2024 ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අද (01) පැවැත්වෙන පළමු තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් Dambulla Sixers කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 04ක් දැවී ලකුණු 179ක් ලබා ගත්තා

ඒ අනුව Kandy Falcons කණ්ඩායමට තරගය ජය ගැනීම සදහා ලකුණු 180ක ඉලක්කයක් හිමි වනවා

එහිදී Mark Chapman නොදැවී ලකුණු 91 රැස් කළේ හයේ පහර 4යි හතරේ පහර 8ක් සමගිනුයි

පන්දු යැවීමේදී දසුන් ශානක කඩුලු 03ක් දවා ගැනීමට සමත් වුණා

මේ අතර මෙවර ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ නිල මාධ්‍ය දායකත්වය දක්වන්නේ මොනරා TV නාලිකාවයි.

ඒ අනුව 2024 LPL තරඟාවලියේ සියලු තරඟ මොනරා TV නාලිකාව ඔස්සේ ඔබට නැරඹීමට අවස්ථාව හිමිවන අතර Dialog ටෙලිවිෂනයේ නාලිකා අංක 100 ඔස්සේ ඔබට මොනරා TV නැරඹීමට අවස්ථාව හිමිව තිබෙනවා.

Share This