Kandy Falcons පිළට ලකුණු 225ක ඉලක්කයක්

Kandy Falcons පිළට ලකුණු 225ක ඉලක්කයක්

2024 ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ Kandy Falcons කණ්ඩායමට එරෙහිව පළමුව පන්දුවට පහරදුන් ප්‍රබල Lyca’s Jaffna Kings කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 224ක් ලබා ගැනීමට සමත් වුණා.

එහිදී පැතුම් නිස්සංක පන්දු 59ක් තුළදී ලකුණු 119ක් ලබාගනිමින් දැවැන්ත ඉනිමක් ක්‍රීඩා කළ අතර Rilee Rossouw පන්දු 18 කදී ලකුණු 41ක් ලබාගැනීමට සමත් වුණා.

පන්දු යැවීමේදී Kandy Falcons කණ්ඩායමේ දසුන් ශානක ලකුණු 40කදී කඩුලු 3ක් දවා ගැනීමට සමත්වී තිබෙනවා.

ඒ අනුව Kandy Falcons කණ්ඩායමට ජයග්‍රහණය සඳහා හිමිවන ඉලක්කය ලකුණු 225ක්.

Share This