දේවස්ථානය  හැර නොයන  යුක්‍රේන පූජකවරු

දේවස්ථානය හැර නොයන යුක්‍රේන පූජකවරු

යුක්‍රේනයේ කියෙව් අගනුවර සිටින පුජකවරුන් හා සිසුන් ඉවත් කිරීමට රජය සැලසුම් කර තිබියදී ඕතඩොක්ස් ක්‍රිස්තියානි පුජකවරුන් ඔවුන්ගේ දේවස්ථානයේ රැඳී සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

යුක්රේන බලධාරීන් සැක කරන්නේ සමහර ඉහළ පූජකවරුන් රුසියාවේ මොස්කව් පල්ලිය සමඟ සබඳතා පවත්වන බවයි.

මෙම දේවස්ථාන සංකීර්ණය යුනෙස්කෝ ලෝක උරුම අඩවියක් ලෙසද නම් කර තිබෙනවා.

UOC මාධ්‍ය කාර්යාලයේ ප්‍රධානී මෙට්‍රොපොලිටන් ක්ලෙමන්ට් පවසන්නේ මෙම මස මුලදී ඉවන්ත්වන ලෙස කරන ලද නිවේදනවල නීත්‍යානුකූල පදනමක් නොමැති බවයි.

එමෙන්ම රජය නීති විරෝධී ලෙස ඉවත් කිරීමට උත්සහ ගන්නේ නම් එය ඒකාධිපතිවාදය ලෙස හඳුන්වන අතර එවැනි රාජ්‍යයක් හෝ රජයක් අවශ්‍ය නොවන ඔහු කියා සිටියා.

සමහර නායකයන් රුසියානු ආක්‍රමණය හෙළා දැක ඇතත්, යුක්‍රේන බලධාරීන් සමහර UOC සාමාජිකයින් යුද්ධයේදී මොස්කව් රජයට රහසිගතව සහාය දුන් බවට චෝදනා කරන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

Share This