මහා පරිමාණ ඖෂධ වංචාවක් -පරීක්ෂණ ඇරඹීමට ජනපති නියෝග
සෞඛ්‍ය අමාත්‍යාංශය තුළ ඖෂධ මිලදී ගැනීමේදී සිදුව ඇති බවට අනාවරණය වී ඇති ඖෂධ මිලදී ගැනීමේ මහා පරිමාණයේ වංචා, දූෂණ හා අක්‍රමිකතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමු කිරීමට තීරණය කර තිබෙනවා
මේ පිළිබඳව ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනින් ද අවධානය යොමු කෙරුණා
2015.01.15 දින සිට 2018.12.31 දක්වා කාලය තුළ රජයේ ආයතනවල සිදුවී ඇතැයි සැලකෙන දූෂණ වංචා පිළිබඳව සොයාබැලීමේ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ සඳහන් වී ඇති සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් මෙරටට ආනයනය කර ඇති ඖෂධ දෙකක් සම්බන්ධයෙන් කොමිෂන් සභා වාර්තාවේ සඳහන් නිර්දේශ ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සෞඛ්‍ය බලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා
ඒ අනුව, මෙම ක්‍රියාවලියට අදාළ නිලධාරීන් සම්බන්ධයෙන් හා ආයතන සම්බන්ධයෙන් සුදුසු ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගතයුතු බව නිරීක්ෂණය වන බැවින් ඒ පිළිබඳ අවධානය යොමුකල යුතු බවද දන්වා තිබෙනවා
එම නිර්දේශ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමු කර සුදුසු පරීක්ෂණයක් සිදුකරන ලෙසට පොලිස්පතිවරයා වෙත දන්වා තිබෙන බවද වාර්තා වනවා
ප්‍රතිජීවක ඖෂධයක් වන Flucloxacilline ඖෂධය සම්බන්ධයෙන් හා ‘හෙර්ටිකඩ්’ වෙළෙඳනාමය යටතේ ‘ට්රස්ටසුමබ්’ පිළිකා ඖෂධය මෙරටට ආනයනය කිරීමේදී සිදුකර ඇති වංචා, දූෂණ හා අක්‍රමිකතා පිළිබඳ පරීක්ෂණ කොමිෂන් සභාව ලබාදී ඇති නිර්දේශ මෙසේ ක්‍රියාත්මක කරන ලෙසටයි ජනාධිපතිවරයා උපදෙස් දී තිබෙන්නේ
උපුටාගැනීම -මව්බිම පුවත්පත