Lotte World කුලුන තරණය කරමින් සිටිය දී අත්අඩංගුවට ගත් බ්‍රිතාන්‍ය ජාතිකයා

Lotte World කුලුන තරණය කරමින් සිටිය දී අත්අඩංගුවට ගත් බ්‍රිතාන්‍ය ජාතිකයා

දකුණු කොරියාවේ උසම ගොඩනැගිල්ල වන Lotte World කුලුන තරණය කරමින් සිටි බ්‍රිතාන්‍ය ජාතිකයෙකු එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සෝල් නුවර පිහිටි මහල් 123කින් සමන්විත වූ එම ගොඩනැගිල්ලේ මහල් 72ක් කඹයක ආධාරයකින් තොරව තරණය කරමින් සිටි අවස්ථාවේ දී ඔහු අත්අඩංගුවට ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

George King-Thompson නමින් හඳුන්වන ප්‍රසිද්ධ කඳු නගින්නෙකු වන අදාළ බ්‍රිතාන්‍ය ජාතිකයා Lotte World Tower කුලුන තරණය කිරීම සඳහා ඊට ඇතුළු වූ ආකාරය සම්බන්ධයෙන් සොයා බැලීමට විමර්ශනයක් ද ආරම්භ කර තිබෙනවා.

මෙම පුද්ගලයා 2019 වසරේ දී ලන්ඩන් හි The Shard ගොඩනැගිල්ල තරණය කිරීම සම්බන්ධයෙන් ද අත්අඩංගුවට ගෙන ඔහුට එරෙහිව නඩු පවරා තිබූ බව සඳහන්.

මීටර් 555 ක් උස (අඩි 1,820), Lotte World කුලුන ලොව 6 වන උසම කුලුන ලෙසයි සැළකෙන්නේ.

Share This