LPL අවසන් මහා සටනට අද සුදුසුකම් ලබන්නේ කවුද?

LPL අවසන් මහා සටනට අද සුදුසුකම් ලබන්නේ කවුද?

ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමේ අරමුණින් Lyca’s Jaffna Kings කණ්ඩායම සහ Kandy Falcons කණ්ඩායම අද (20) තරග බිමට පිවිසෙනවා.

LPL අවසන් මහා තරගයට මේ වන විටත් Galle Marvels කණ්ඩායම සුදුසුකම් ලබා ඇති අතර අද ජයග්‍රහණය කරන කණ්ඩායම ඔවුන් සමග අවසන් සටනට මුහුණ දෙනු ඇති.

Lyca’s Jaffna Kings සහ Kandy Falcons කණ්ඩායම් අතර තරගය අද රාත්‍රී 07.30ට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

Share This