LPL තරගාවලියේ ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ හිමිකරු ‘ලයිකා සමූහයේ සභාපති ආචාර්ය  අලයිරාජා සුභාෂ්කරන්   මහතා බවට’ පත්වෙයි

LPL තරගාවලියේ ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ හිමිකරු ‘ලයිකා සමූහයේ සභාපති ආචාර්ය අලයිරාජා සුභාෂ්කරන් මහතා බවට’ පත්වෙයි



ලංකා ප්‍රිමියර් ලීග් හෙවත් එල්.පී.එල් තරගාවලියේ ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ හිමිකාරීත්වය ලයිකා සමූහ ව්‍යාපාරයේ සභාපති ආචාර්ය  අලයිරාජා සුභාෂ්කරන්  මහතාට හිමිව තිඛෙනවා.

ලංකා ප්‍රිමියර් ලීග් හෙවත් එල්.පී.එල් තරගාවලියේ දෙවන අදියර ලබන දෙසැම්බර් මස 4 වැනිදා සිට 23 වැනිදා දක්වා පැවැත්වීමට  නියමිතයි.

ඊට යාපනය, දඹුල්ල, කොළඹ, මහනුවර සහ ගාල්ල කේන්ද්‍රකරගනිමින් කණ්ඩායම් 5 ක් තරග වදිනු ඇති.

එල්.පී.එල් තරගාවලියට විදෙස් ක්‍රීඩකයන් ලියාපදිංචි කරගැනීම පසුගිය 24 වැනිදා ආරම්භ වූ අතර එය ඔක්තෝබර් 05 වැනිදා දක්වා ක්‍රියාත්මක වීමට නියමිතයි.

ඒ අනුව එක් කණ්ඩායමකට ක්‍රීඩකයින් 20 දෙනෙකු එක්වන අතර විදෙස් ක්‍රීඩකයින් 6 ක් ක්‍රීඩක වෙන්දේසියේදී කණ්ඩායම් විසින් මිලදී ගැනීමට නියමිතව තිඛෙනවා.

පසුගියවර ශුරයන් වූ යාපනය පදනම් කරගත් ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම නව මුහුණුවරකින් ජැෆ්නා කිංග්ස් නමින් මෙවර තරගාවලියට ඉදිරිපත්ව තිබීම විශේෂත්වයක්.

ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ නව හිමිකාරීත්වය ලයිකා සමූහ ව්‍යාපාරයේ සභාපති ආචාර්ය  අලයිරාජා සුභාෂ්කරන්  මහතා විසින් දරන අතර තරගාවලිය ගැන අදහස් පළකරමින් ඔහු පවසා ඇත්තේ එල්පී.එල් හි ක්‍රමානුකූල දියුණුව ගැන තමා අවධානයෙන් සිටි බවයි.

එය ආකර්ෂනීය ක්‍රීඩා ඉසව්වක් බවට පත්වූවා සේම එල්.පී.එල්, ක්‍රිකට් දින දර්ශනයේ ප්‍රධාන අංගයක් බවට පත්වන බවට තමා තදින්ම විශ්වාස කරන බවද ඒ මහතා ප්‍රකාශ කළා.

පසුගිය වසරේ ජයග්‍රහණය කළ කණ්ඩායමට ලන්සු තැබීම සාධාරණ මෙන්ම සෑම කෙනෙකුම එවැනි කණ්ඩායමකට ලන්සු තැබීමට කැමති බවද ආචාර්ය අලයිරාජා සුභාෂ්කරන්  මහතා වැඩිදුරටත් සඳහන් කළා.

ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ නව හිමිකාරීත්වය ලයිකා සමූහයේ නිර්මාතෘ ආචාර්ය  අලයිරාජා සුභාෂ්කරන්  මහතා හිමිකරගැනීම පිළිබඳව තරගාවලිය සංවිධාන කරන අයි.ජී.පී. සමාගම සිය සතුට පළ කර තිඛෙනවා.

එහි නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී අනිල් මොහාන් මහතා පැවසුවේ ලයිකා සමූහ ව්‍යාපාරයේ සභාපති ආචාර්ය අලයිරාජා සුභාෂ්කරන්  මහතා ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ හිමිකරු වශයෙන් පිළිගැනීමට ලැබීම තමන්ට ඉමහත් සතුටක් බවයි.

එමෙන්ම ක්‍රීඩාව කෙරෙහි ඇති දැඩි ඇල්ම නිසා ඔහුට කණ්ඩායම සමග සම්බන්ධ වී සිටින රසිකයින් හා එහි සියලූම පාර්ශවකරුවන් සමග සාර්ථක ඉදිරි ගමනක් යාමට හැකි වන බවද අනිල් මොහාන් මහතා ප්‍රකාශ කළා.

මෙරට ක්‍රීඩා ක්ෂේත්‍රයේ ප්‍රගමනයට නිරන්තරයෙන් දායකත්වය සපයන ආචාර්ය අලයිරාජා  සුභාෂ්කරන්  මහතා ලයිකා ඥානම් පදනම හරහා මීට පෙර ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයට රුපියල් මිලයන 10 ක මුදලක් පරිත්‍යාග කළේ කොවිඩ් ව්‍යසනය මැද ඔවුන්ට අරමුදල් සපයාගැනීමට නොහැකි අවස්ථාවකයි.

ඉන් නොනැවතී මෙරට කොවිඩ් වසංගතය හමුවේ අසරණ වූ ජනතාවට සරණක් වෙමින් ලයිකා ඥානම් පදනම මෙරට සුවහසක් ජනයාට අත්වැලක් වීමට ඇපකැප වුණා.

ඒ අනුව රටේ විවිධ ප්‍රදේශවල ජීවත්වන අසරණ වූ ජනතාව සොයා ගොස් ඔවුන්ගේ ජීවිතවලට සවියක් වුණා.

ඒ සෑම අවස්ථාවකදීම ලයිකා ඥානම් පදනමට ජනතාවගේ නොමද ආශිර්වාදය ද හිමිවුණා.

ලයිකා සමූහ ව්‍යාපාරයේ සභාපති ආචාර්ය  අලයිරාජා සුභාෂ්කරන්  මහතා

 

 

 

Share This