LPL තවත් තරග දෙකක් අද

LPL තවත් තරග දෙකක් අද

ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තවත් තරග දෙකක් අද (07) පැවැත්වෙනවා.

රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේදී එම තරග පැවැත්වෙන අතර පළමු තරගය Kandy Falcons සහ Galle Marvels කණ්ඩායම් අතර පැවැත්වීමට නියමිතයි.

එම තරගය අද පස්වරු 3ට ආරම්භ වනවා.

අද පැවැත්වෙන දෙවන තරගය Dambulla Sixers සහ Colombo Strikers කණ්ඩායම් අතර අද රාත්‍රී 07.30ට ආරම්භ වීමට නියමිතයි.

LPL තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගෙන සිටින්නේ තෙවරක් කිරුළ දිනූ Lyca’s Jaffna Kings කණ්ඩායමයි.

දෙවන ස්ථානයේ Colombo Strikers කණ්ඩායමත්, තුන්වන ස්ථානයේ Galle Marvels කණ්ඩායමත් පසුවනවා.

මේ අතර මෙවර ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ නිල මාධ්‍ය දායකත්වය දක්වන්නේ මොනරා TV නාලිකාවයි.

ඒ අනුව 2024 LPL තරඟාවලියේ සියලු තරඟ මොනරා TV නාලිකාව ඔස්සේ ඔබට නැරඹීමට අවස්ථාව හිමිවන අතර Dialog ටෙලිවිෂනයේ නාලිකා අංක 100 ඔස්සේ ද ඔබට මොනරා TV නැරඹීමට අවස්ථාව හිමිවනවා

Share This