Lyca’s Jaffna Kings ජය ලබයි

Lyca’s Jaffna Kings ජය ලබයි

ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 8වන තරගය ලකුණු 30කින් ජයග්‍රහණය කිරීමට ප්‍රබල Lyca’s Jaffna Kings කණ්ඩායම සමත්වුණා

කාසියේ වාසිය දිනා ගත් Dambulla Sixers කණ්ඩායම පළමුව පන්දුවට පහර දීම සදහා Lyca’s Jaffna Kings කණ්ඩායමට ආරාධනා කළා.

ඒ අනුව නියමිත පන්දුවාර 20 අවසානයේ ප්‍රබල Lyca’s Jaffna Kings කඩුලු 5ක් දැවී ලකුණු 218ක දැවැන්ත ලකුණු පුවරුවක් ගොඩ නැගීමට සමත් වුණා.

එහිදී අගනා ඉනිමක් ක්‍රීඩා කළ Pathum Nissanka පන්දු 53කට මුහුණ දෙමින් ලකුණු 88ක් රැස් කළා

ඊට හයේ පහර 4ක් සහ හතරේ පහර 9ක් ඇතුළත්

එමෙන්ම, Avishka Fernando පන්දු 30කදී ලකුණු 57ක් රැස් කළේ හයේ පහර 5ක් සහ හතරේ පහර 3ක් සමගිනුයි

පන්දු යැවීමේදී Mustafizur Rahman කඩුලු 03ක් දවා ගත්තා

අනතුරුව ලකුණු 219ක අභියෝගාත්මක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි Dambulla Sixers කණ්ඩායමට ලබා ගත හැකි වූයේ කඩුලු 8ක් දැවී ලකුණු 188ක් පමණයි

තරගයේ ලකුණු සටහන පහතින්.

Share This