Lyca’s Jaffna Kings ලැබූ සුපිරි ජය

Lyca’s Jaffna Kings ලැබූ සුපිරි ජය

ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ Dambulla Sixers සමග පැවති තරගයෙන් කඩුලු 4ක සුපිරි ජයක් හිමි කර ගැනීමට ප්‍රබල Lyca’s Jaffna Kings කණ්ඩායම සමත් වුණා.

තරගයේ කාසියේ වාසිය දිනූ Jaffna Kings කණ්ඩායමේ ආරාධනයෙන් ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් Dambulla Sixers කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 2ක් දැවී ලකුණු 191ක් රැස් කළා.

එහිදී කුසල් පෙරේරා ලකුණු 102ක් රැස් කිරීමට සමත් වූ අතර ඊට හයේ පහර 5ක් සහ හතරේ පහර 10ක් ඇතුලත්.

Dambulla Sixers කණ්ඩායමේ දැවී ගිය කඩුලු ද්විත්වයම දවා ගැනීමට සමත් වූයේ ධනංජය ද සිල්වායි.

අනතුරුව ජයග්‍රාහී ඉලක්කය හඹා යාම සඳහා පිටියට පිවිසි Lyca’s Jaffna Kings කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 197ක් ලබා ගනිමින් ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් වුණා.

එහිදී අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 80ක් සහ නායක චරිත් අසලංක ලකුණු 50ක් ලබා ගත්තා.

ඒ අනුව මෙම තරගයේ සුපිරි ජයක් වාර්තා කිරීමට, LPL කිරුළ තෙවරක් දිනා ගත් ප්‍රබල Lyca’s Jaffna Kings කණ්ඩායම සමත් වුණා.

Share This