Maine ප්‍රාන්තයේ වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ සැකකරු මරුට

Maine ප්‍රාන්තයේ වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ සැකකරු මරුට

අමෙරිකාවේ Maine ප්‍රාන්තයේ වෙඩි තැබීමකින් පුද්ගලයින් 22 දෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ සැකකරු ස්වයං තුවක්කු වෙඩි තැබීමකින් මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

බදාදා සවස ලුවිස්ටන්හි වෙඩි තැබීම සිදු වූ ස්ථානයේ සිට සැතපුම් 8 ක් පමණ දුරින් පිහිටි නගරයක් වන ලිස්බන්හි වනාන්තර ප්‍රදේශයක තිබී Robert Card ගේ සිරුර සොයාගෙන තිබෙනවා.

Androscoggin County Sheriff සිකුරාදා රාත්‍රියේ Facebook සටහනක් තබමින් තහවුරු කළේ Robert Card මිය ගොස් ඇති බවයි

ලුවිස්ටන්හි පන්දු යැවීමේ මංතීරුවක සහ අවන්හලක බදාදා සවස වෙඩි තැබීම දින දෙකක් පුරා ප්‍රදේශය භීතියට පත්කළ සහ පාසල් සහ ව්‍යාපාර වසා දැමීමට හේතුවූ බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Share This