“Marburg”වෛරසය මධ්‍යම අප්‍රිකාවේ පැතිර යයි – අවමංගල්‍ය උත්සවයකින් පසු තත්ත්වය දරුණු වේ

“Marburg”වෛරසය මධ්‍යම අප්‍රිකාවේ පැතිර යයි – අවමංගල්‍ය උත්සවයකින් පසු තත්ත්වය දරුණු වේ

ඉතා ඉක්මනින් බෝවන Marburg වෛරසය තම රට තුළ පැතිරී ඇති බව ඉක්වටෝරියල් ගිනියාවේ බලධාරීන් ප්‍රකාශ කර තිබෙනවා.

මෙම වෛරසය හේතුවෙන් බටහිර Kie Ntem පළාතේ පුද්ගලයින් 9 දෙනෙකු මිය ගොස් ඇත්තේ බවටයි බලධාරීන් සැක පළ කරන්නේ.

ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ ඔවුන්ගේ සමීපතමයන් වන පුද්ගලයන් 16 දෙනෙකු මේ වනවිට නිරෝධායනයට ලක් කර ඇති බවයි.

මේ අතර එරට සෞඛ්‍ය අමාත්‍ය Mitoha Ondo’o Ayekaba පවසා තිබෙන්නේ අවමංගල්‍ය උත්සවයකට සහභාගී වූ පුද්ගලයින්ට මෙම වෛරසය වැළඳී ඇති බවයි.

සෞඛ්‍ය සේවකයින්ට සහාය වීම සඳහා සෞඛ්‍ය මණ්ඩලය විශේෂඥ කණ්ඩායමක් එම ප්‍රදේශයට යොදවා ඇති බවද සඳහන් වනවා.

වැඩිම රෝගීන් වාර්තා වී ඇති ගම්මාන දෙකක ගමනාගමනය සීමා කර ඇති අතර සමීප සබඳතා තිබූ අය සොයා පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

පසුගිය වසරේ ඝානාව සහ ඊට පෙර වසරේ ගිනියාවෙන් Marburg වෛරසය වැළඳුනු එක් සිද්ධියක් තහවුරු වූ බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙම වෛරසය වවුලන්ගෙන් මිනිසුන්ට බෝවන අතර රෝගය සඳහා එන්නත් හෝ ප්‍රතිකාර නොමැති බවද විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

රෝගියෙකුගේ විශේෂිත රෝග ලක්ෂණ සඳහා වෛද්‍යවරුන් ප්‍රතිකාර කරන බැවින් රෝග විනිශ්චය කළ අයට ජලය පානය කිරීමට උපදෙස් දී තිබෙනවා

මීට පෙර Marburg වෛරසයේ පැතිරීම් ඇන්ගෝලා, කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය, කෙන්යාව, දකුණු අප්‍රිකාව සහ උගන්ඩාව යන රටවල වාර්තා වී ඇති බවද විදෙස් මාධ්‍ය සඳහන් කර තිබෙනවා.

Share This