සජිත් සහ විමල් හමුවේ – සම්පූර්ණ විස්තරය මෙන්න
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ අමාත්‍ය විමල් වීරවංශ මහතා අතර හමුවක් පසුගියදා සිදුව ඇති බවට පැතිරෙන ප්‍රචාරයක් පිළිබඳව liveat8.lk වෙබ් අඩවිය කරුණ සොයා බැලීමක් කළා.
පළවන ප්‍රචාරය පිළිබඳව විමල් වීරවංශ මහතා තම නිල ෆේස්බුක් පිටුවේ සටහනක් තබා තිබෙනවා.
ඒ අනුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හා විමල් වීරවංශ අමාත්‍යවරයා අතර හමුවක් සිදු වූ බවට පළව ඇති ප්‍රවෘත්තිය සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ඔහු පවසනවා.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හා මා අතර හමුවක් සිදු වූ බවට පළව ඇති ප්‍රවෘත්තිය සම්පූර්ණයෙන්ම අසත්‍යයක්! යනුවෙන් එහි සඳහන් වනවා.
මේ අතර liveat8.lk වෙබ් අඩවිය වෙත හෙළිදරව් වූයේ සමඟි ජන බලවේගය පක්ෂයේ සංවත්සර දිනට පසුදින මහරගම පැවති අවමංගල උත්සවයකදී විමල් වීරවංශ අමාත්‍යවරයා පැමිණි අවස්ථාවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද එම උත්සවයට පැමිණ ඇති බවයි.
එහෙත් එහිදී කිසිදු දේශපාලන සාකච්ඡාවක් දෙපාර්ශ්වය අතර සිදුවී නොමැති බව වාර්තා වෙනවා.