Michaung සුළි කුණාටුව නිසා තමිල්නාඩුවට සහ තවත් ප්‍රාන්තයකට දැනුම් දීමක්

Michaung සුළි කුණාටුව නිසා තමිල්නාඩුවට සහ තවත් ප්‍රාන්තයකට දැනුම් දීමක්

තමිල්නාඩු ප්‍රාන්තයට වර්ෂාවෙන් දැඩි බලපෑම් එල්ල විය හැකි බවත්, සුළඟින් ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයට විශාල විනාශයක් සිදු විය හැකි බවත් එරට කාලගුණ දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබෙනවා .

ඒ අනුව Michaung සුළි කුණාටුව දෙසැම්බර් 6 දක්වා දරුණු වනු ඇති බවයි කාලගුණ අංශ ප්‍රධානියා පවසන්නේ

තමිල්නාඩු සහ ආන්ද්‍ර ප්‍රදේශවලට ප්‍රචණ්ඩ කුණාටුව පිළිබඳව දැනුම් දී අවදානම පිළිබඳව දැනුම් දී ඇති බව සඳහන්

Michaung සුළි කුණාටුව ඉදිරි පැය 24 තුළ ගොඩබිමට ළඟා වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

අධික වර්ෂාව මධ්‍යයේ චෙන්නායිහි දැනටමත් පාසල් වසා දමා ඇති අතර ගුවන් ගමන්ද නවතා දමා තිබෙනවා

වෙරළබඩ ප්‍රදේශවලින් ජනතාව ඉවත් කර ඇති අතර චෙන්නායි හි පහත් බිම් කිහිපයකින් ජල ගැලීම් වාර්තා වී ඇති බවද සඳහන් .

සුළි කුණාටුව ආන්ද්‍රා වෙරළ දෙසට ගමන් කරන අතර එය හෙට (05) ගොඩබිමට පැමිණීමට අපේක්ෂා කරන බව ඉන්දීය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව (IMD) පවසනවා .

එමෙන්ම අද (04) රාත්‍රී 11 දක්වා චෙන්නායි ගුවන් තොටුපළ වසා දමා ඇති අතර, තමිල්නාඩුව බලා පිටත්ව යන මුළු දුම්රිය 118ක් අවලංගු කර ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ .

Share This