Michaung සුළි කුණාටුවෙන් ඉන්දියාවේ චෙන්නායි නගරයට පීඩා

Michaung සුළි කුණාටුවෙන් ඉන්දියාවේ චෙන්නායි නගරයට පීඩා

මේ සතිය මුලදී ඉන්දියාවේ දකුණු වෙරළ තීරය හරහා හමා ගිය Michaung සුළි කුණාටුව හේතුවෙන් චෙන්නායි නගරය ජලයෙන් යටවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

නගරයේ තදාසන්න ප්‍රදේශවල නිවාස හා වීථිවල වැසි ජලය ඉවත් කිරීමට බලධාරීන් උත්සහ කරමින් සිටින බවයි වාර්තා වන්නේ.

ඇතැම් ප්‍රදේශවාසීන් පවසන්නේ තමන්ට මූලික අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි අතර නිතර විදුලිය ඇනහිටීම් සිදුවන බවයි.

චෙන්නායි නගරයේ ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් මේ වනවිට පුද්ගලයින් 18 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

Michaung සුළි කුණාටුව අඟහරුවාදා ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයට ඇතුළු වූ බව සඳහන්.

කෙසේවෙතත් ඊයේ(06) වන විටත්, චෙන්නායි හි නාගරික නිලධාරීන් වාහන ගමන් කිරීමට ඉඩ සැලසීම සඳහා නගරයේ දකුණු තදාසන්න ප්‍රදේශවල වීථිවලින් ජලය ඉවත් කිරීමට උපකරණ භාවිතා කරමින් සිටින බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

Share This