“Mocha සුළි කුණාටුවෙන්” මියන්මාරයේ 5ක් ජීවිතක්ෂයට (VIDEO)

“Mocha සුළි කුණාටුවෙන්” මියන්මාරයේ 5ක් ජීවිතක්ෂයට (VIDEO)

“Mocha සුළි කුණාටුව” බංග්ලාදේශයේ සහ මියන්මාරයේ වෙරළ තීරයට ළඟාවීමෙන් පසු නායයෑම් සහ ගංවතුර තවමත් එම ප්‍රදේශවලට බලපා ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා

මෙම සුළි කුණාටුවෙන් සරණාගත කඳවුරක් වන කොක්ස් බසාර් හි ඉදිකර තිබූ තාවකාලික නවාතැන් සිය ගණනක් විනාශ වී තිබෙනවා

මියන්මාරයේ අවම වශයෙන් පුද්ගලයින් 5 දෙනෙකු මියගොස් ඇති අතර බංගලිදේශයේ මෙතෙක් කිසිදු ජීවිත හානියක් වාර්තා වී නොමැති බවද විදෙස් මාධ්‍ය පවසනවා.

බොහෝ ප්‍රදේශවල විදුලිය බිඳ වැටී ඇති ඇති අතර මියන්මාර රතු කුරුස සමාජය සඳහන් කර තිබෙන්නේ හදිසි ප්‍රතිචාර සඳහා සූදානම් වෙමින් සිටින බවයි.

කුණාටුවට පෙර බංග්ලාදේශයේ බලධාරීන් එරට වැසියන් 750,000 පමණ ඉවත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ

Share This