Monkeypox රෝගය රටවල් 11 ක -රෝගීන් 80 ක් තහවුරු වී ඇති බව WHO කියයි
රටවල් 11 කින් Monkeypox වැළඳී ඇති රෝගීන් 80 ක් පමණ තහවුරු වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා
තවත් රෝගීන් වාර්තා වීමට ඉඩ ඇති බවයි එම සංවිධානය වැඩිදුරටත් සඳහන් කරන්නේ
එමෙන්ම තවත් රටවල් කිහිපයක සැක සහිත රෝගීන් වාර්තා වීමේ සිද්ධීන් 50ක් විමර්ශනය කරමින් පවතින බවත් සඳහන්
යුරෝපීය රටවල් අතරින් පළමුවරට මෙම රෝගය වාර්තා වූයේ ඉතාලියෙන් වන අතර ස්වීඩනය, ස්පාඤ්ඤය, පෘතුගාලය, එක්සත් ජනපදය, කැනඩාව සහ එක්සත් රාජධානිය යන රටවල් වලින් මේ වනවිට ආසාදිත රෝගීන් වාර්තා වී තිබෙනවා
මධ්‍යම සහ බටහිර අප්‍රිකාවේ දුර බැහැර ප්‍රදේශවල Monkeypox රෝගය බහුලව දක්නට ලැබෙන බවද විදෙස් මාධ්‍ය සඳහන් කරනවා
වසූරිය වැනි වෛරස් පවුලේම තවත්]සාමාජිකයෙකු ලෙස මෙම Monkeypox රෝගය හඳුන්වනු ලබනවා
මෙහි රෝග ලක්ෂණ වන්නේ උණ, හිසරදය, ඉදිමීම්, පිටුපස වේදනාව, මාංශ පේශි කැක්කුමයි
උණ සෑදීමෙන් පසු, බොහෝ විට මුහුණේන් ආරම්භ වී, පසුව ශරීරයේ අනෙකුත් කොටස් වලට කැසීම පැතිර යා හැකි බව සෞඛ්‍ය අංශ පවසනවා .
එයින් තුවාල සහ කැළැල් ඇති විය හැකි අතර දින 14 සිට 21 දක්වා ශරීරයේ වෛරසය පවතින බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ