Mr Beastව පණපිටින් දින 7ක් පොළොව යට වළලයි (Video)

Mr Beastව පණපිටින් දින 7ක් පොළොව යට වළලයි (Video)

ජනප්‍රිය YouTuber කෙනෙකු වන Mr Beastව මුද්‍රා තබා ඇති මිනී පෙට්ටියක දින හතක් පොළව යට වළලා දමා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

පණපිටින් වළලනු ලැබීමේ සිතුවිල්ල පමණක් බොහෝ දෙනා බියට පත් කළත් ඔහු මේ වික්‍රමාන්විත ක්‍රියාව හුදෙක් විනෝදාස්වාදය සඳහා පමණක් කළ බවයි Mr Beast පෙන්වා දී ඇත්තේ.

Jimmy Donaldson වන ඔහුගේ YouTube නාලිකාව වන්නේ Mr Beast වන අතර එහි ග්‍රාහකයින් මිලියන 213ක් පමණ සිටිනවා.

කෙසේ වෙතත් මෙය ක්‍රියාව තමාටම මානසික වේදනාවක් ඇති කළ බවයි ඔහු ප්‍රකාශ කරන්නේ.

එමෙන්ම මෙවැනි අත්භූත ක්‍රියා නිවසේදී උත්සාහ නොකරන ලෙසත් ඔහුගේ අනුගාමිකයන්ගෙන් ඉල්ලා සිටිනවා.

‘Kill Bill’ හි Uma Thurman ගේ චරිතය මෙන්, සමාජ මාධ්‍ය සොලවන්න Jimmyට අවශ්‍යව වූ නිසා ඔහු මේ ක්‍රියාවේ නිරත වූ බවයි සඳහන් වන්නේ.

භූගතව සිටීමට නවීනතම විනිවිද පෙනෙන මිනී පෙට්ටියකින් ඔහු තෝරාගෙන තිබෙනවා.

මිනී පෙට්ටියේ වීඩියෝ පටිගත කිරීම සඳහා කැමරා ද තිබූ අතර කිසිවක් පහළට නොගෙන ගිය බව සහතික කරගැනීමට ප්‍රේක්ෂකයන්ට අවස්ථාව ලැබුණු බවයි පෙනී යන්නේ.

Jimmy Donaldson ඔහුගේ මිතුරන් සමඟ එක්ව කැණීම් යන්ත්‍රයක් භාවිත කර වැලක් හාරා පෙට්ටිය එයට බැස්සවීමට කටයුතු කළා.

මිනී පෙට්ටිය තුළ සිටියදී ඔහු මතුපිට සිටි තම කණ්ඩායම සමග සන්නිවේදනය කිරීමට වෝකි ටෝකි භාවිතා කළ බව සඳහන්.

MrBeast 2021 දී YouTube හරහා ඩොලර් මිලියන 54ක් උපයා තිබෙනවා.

එමෙන්ම Forbes සඟරාවට අනුව ඔහු YouTube හි වැඩිම වැටුප් ලබන Content Creator වන අතර ඔහුගේ මාසික ආදායම ඩොලර් මිලියන 5ක්.

Share This