NATO  මහලේකම් හදිසියේ යුක්‍රේනයට

NATO මහලේකම් හදිසියේ යුක්‍රේනයට

NATO සංවිධානයේ මහලේකම් Jens Stoltenberg යුක්‍රේනයේ හදිසි සංචාරයක නිරත වී තිබෙනවා.

රුසියානු ආක්‍රමණයෙන් පසු ඔහු යුක්‍රේනය වෙත පැමිණි පළමු අවස්ථාව මෙය වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ලොව බලවත්ම මිලිටරි සන්ධානයේ ප්‍රධානියා වන Jens Stoltenberg විසින් සිය සහයෝගය යුක්‍රේනයට ලබාදෙන බවට මීට පෙර අවස්ථා කිහිපයකදීම ප්‍රකාශ කර තිබුණා.

කෙසේවෙතත් රුසියානු – යුක්‍රේන යුධමය වාතාවරණය හමුවේ තවදුරටත් ස්වාධීනව කටයුතු කරන බවයි Jens Stoltenberg පසුගියදා ප්‍රකාශ කර තිබුණේ.

Share This