New York නගරයේ TikTok තහනම්

New York නගරයේ TikTok තහනම්

TikTok යෙදුම ආරක්ෂක ගැටළු හේතුවෙන් එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නුවර දී භාවිතා කිරීම තහනම් කර තිබෙනවා.

මිලියන 150 කට අධික අමෙරිකානුවන් විසින් භාවිතා කරනු ලබන සහ චීන තාක්‍ෂණ දැවැන්තයෙකු වන ByteDance සතු වන මෙම යෙදුම නිසා චීන රජයේ බලපෑම් ඇතිවිය හැකි බවටයි අදහස වී ඇත්තේ.

නිව්යෝර්ක් නගරාධිපති එරික් ඇඩම්ස් පරිපාලනය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ TikTok “නගරයේ තාක්ෂණික ජාලයන්ගේ ආරක්ෂාවට තර්ජනයක්” බවයි.

නිව්යෝර්ක් නගරයේ TikTok නියෝජිතායතනය දින 30ක් ඇතුළත යෙදුම ඉවත් කිරීමට අවශ්‍ය වන අතර සේවකයින්ට නගරය සතු උපාංග සහ ජාලවල යෙදුමට සහ එහි වෙබ් අඩවියට ප්‍රවේශය අහිමි කිරීමට තීරණය කර තිබෙනවා.

නිව්යෝර්ක් ප්‍රාන්තය දැනටමත් රජය විසින් නිකුත් කරන ලද ජංගම උපාංගවල TikTok තහනම් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

TikTok සමාගම පවසන්නේ එක්සත් ජනපද පරිශීලක දත්ත චීන රජය සමග බෙදාගෙන නොමැති අතර ඉදිර්යේදී ද ඒවා බෙදා නොගන්නා බවයි.

එමෙන්ම TikTok පරිශීලකයින්ගේ පෞද්ගලිකත්වය ආරක්ෂාව කිරීමට සැලකිය යුතු පියවර ගෙන ඇති බවයි TikTok සමාගම වැඩිදුරටත් සඳහන් කරන්නේ.

 

Share This