OpenAI හි ප්‍රධාන තාක්ෂණ නිලධාරිනි  Mira Murati කවුද?

OpenAI හි ප්‍රධාන තාක්ෂණ නිලධාරිනි  Mira Murati කවුද?

වර්තමානය වනවිට OpenAI හි ප්‍රධාන තාක්ෂණ නිලධාරිනිය ලෙසින් කටයුතු කරන්නේ 34 හැවිරිදි Mira Murati වන කාන්තාවයි. .

2022 මැයි මාසයේදී ප්‍රධාන තාක්ෂණ නිලධාරිනි එම තත්ත්වයට ඇයව උසස් කර ඇති අතර OpenAI හි මෙවලම් පරීක්ෂා කිරීමට මූලික වී තිබෙනවා.

Mira ඉංජිනේරු කණ්ඩායම සමග එක්වී ChatGPT අනුවාදයන් කාලෝචිත ලෙස සංවර්ධනය කිරීම සහතික කිරීමට කටයුතු කර ඇති අතර OpenAI හි තාක්‍ෂණය ආයෝජකයෙකු සහ හවුල්කරුවෙකු වන Microsoft සමග ඇති සම්බන්ධතාවය කළමනාකරණය කිරීමටද කටයුතු කළ බවයි සඳහන් වන්නේ.

එමෙන්ම වොෂින්ටනයේ සහ යුරෝපයේ OpenAIහි කෘත්‍රිම බුද්ධි ප්‍රතිපත්තිය හැඩගැස්වීමේදී ප්‍රධාන කාර්යභාරයක් ඉටු කිරීමටද ඇය සමත් වී තිබෙනවා.

AI පර්යේෂණවල දියුණුව, විශේෂයෙන්ම භාෂා සැකසුම් සහ පරිගණක දැක්ම අවබෝධ කර ගැනීම දශකයක් පුරා සිදුවෙමින් පවතින අතර, බොහෝ දියුණුව තාක්ෂණික දැවැන්තයන්ගේ රහසිගත ව්‍යාපෘති තුළට සීමා වී තිබෙනවා.

Microsoft’s හි ප්‍රධාන විධායක නිලධාරිනි Satya Nadella පවසන්නේ Mira Murati හට තාක්ෂණික විශේෂඥතාව, වාණිජ ඥානය සහ මෙහෙවරේ වැදගත්කම පිළිබඳ ගැඹුරු ඇගයීමක් සහිත කණ්ඩායම් එක්රැස් කිරීමට නිරූපිත හැකියාවක් ඇති බවයි.

Mira Murati Albania ඉපදී ඇති අතර හැදී වැඩි ඇත්තේ කැනඩාවේදියි.

ඇය Dartmouth විද්‍යාලයේ ඉගෙනුම ලබන කාලය තුළ hybrid race car එකක් නිෂ්පාදනය කිරීම මගින් ඇයගේ යාන්ත්‍රික ඉංජිනේරු කුසලතා ප්‍රදර්ශනය කර තිබෙනවා.

වාර්තා වන අන්දමට ඇයගේ දෙමාපියන් ඉන්දීය සම්භවයක් සහිත අයයි

ඇය aerospace, automotive, virtual reality (VR) සහ augmented reality (AR) හි සේවය කර ඇති අතර පසුව ජ්‍යෙෂ්ඨ නිෂ්පාදන කළමනාකරුවෙකු ලෙස Elon Muskගේ Tesla සමාගම සමග සම්බන්ධ වී තිබෙනවා.

ඉන්පසු Mira Murati 2018 දී OpenAI හා සම්බන්ධ වී ඇති අතර මෙතෙක් බිහිව ඇති විශේෂ වූ හැකියාවලින් පිරිපුන් හොඳම තාක්ෂණ ඉන්ජිනේරුවන්ගෙන් එක අයෙකු ලෙසයි විදෙස් මාධ්‍ය Mira Murati හඳුන්වන්නේ.

Share This