QUAD සමුළුවත් ඉන්දියාවට?

QUAD සමුළුවත් ඉන්දියාවට?

මීළඟ QUAD සමුළුව ඉන්දියාවේ පැවැත්වීමට ඉන්දියාව කැමැත්තෙන් පසුවන බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්‍රකාශ කළා.

ඔහු මේ බව පැවසුවේ මේ දිනවල ජපානයේ පැවැත්වෙන G7 සමුළුවට එක්වෙමින්.

ජපාන අග්‍රාමාත්‍ය ෆූමියෝ කිෂීඩාගේ විශේෂ ආරාධනයකට අනුව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා එම සමුළුවට සහභාගී වී සිටිනවා.

ඊට සමගාමීව QUAD ආරක්ෂක හවුලේ සාමාජික රටවල් වන ඉන්දියාව, අමෙරිකාව, ඔස්ට්‍රේලියාව සහ ජපානය යන රටවල නායකයින් අතර හමුවක් ඊයේ ජපානයේ හිරෝෂිමා නගරයේදී පැවැත්වුණා.

එය අමතමින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පැවසුවේ “2024 දී ඉන්දියාවේදී Quad සමුළුව පැවැත්වීම ගැන අපි සතුටු වන්නෙමු” ලෙසයි.

ගෝලීය යහපත, ජනතාවගේ සුබසාධනය, සමෘද්ධිය සහ සාමය සඳහා QUAD එකමුතුව අඛණ්ඩව උත්සාහ දරනු ඇති ඇති බව ද ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පවසා ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේ.

Share This