ඇඳුම් මාරු කරමින් සිටි ‘වෛද්‍යවරියකගේ’ ඡායාරූප ගත් වෛද්‍යවරයා

ඇඳුම් මාරු කරමින් සිටි ‘වෛද්‍යවරියකගේ’ ඡායාරූප ගත් වෛද්‍යවරයා

සිය නේවාසිකාගාරය තුළ ඇඳුම් මාරු කරමින් සිටි වෛද්‍යවරියකගේ ඡායාරූප ගත් බව කියන වෛද්‍යවරයෙකු අත්අඩංගුවට ගත් බව අද (12) ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනේ දී අනාවරණය කෙරුණා.

රාගම රෝහලේ සේවය කරන එම වෛද්‍යවරිය සේවය නිමා කර පැමිණ එදින රාත්‍රී අටයි හතලිස් පහට පමණ සිය නේවාසිකාගාරයේ ඇඳුම් මාරු කරමින් සිටියදී අදාළ වෛද්‍යවරයා ඡායාරූප ගත් බවට ලැබුණු තොරතුරක් අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදු වූ බවයි දිනපතා පුවත්පතක් වාර්තා කර ඇත්තේ.

අත්අඩංගුවට ගත් වෛද්‍යවරයා කොළඹ ජාතික රෝහලේ සේවය කරන්නකු බව ද එම වාර්තාවේ සඳහන් වනවා.

Share This