සජිත් රන්ජන්ගෙන් පණිවිඩයක් රැගෙන එයි
නිදහස් දිනය වෙනුවෙන්, වෙසක් දිනය වෙනුවෙන්, පොසොන් දිනය වෙනුවෙන් යනාදී ලෙස රන්ජන් රාමනායක මහතාට නිදහස ලබා දෙන බවට ආණ්ඩු පාර්ශ්වයේ ප්‍රකාශ කළ දේ සහමුලින්ම රැවටීමක් පමණක් වූ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
සිය උසස් අධ්‍යාපන කටයුතු සාර්ථක කරගැනීමත් සමග වඩාත් ඵලදායි ලෙසත්,අර්ථවත් ලෙසත් රටට සේවය කිරීම වෙනුවෙන් සමගි ජන බලවේගය සමග එකට කටයුතු කරන බවට රටට පණිවිඩයක් ලබා දෙන්නැයි තමාගෙන් රන්ජන් රාමනායක මහතා ඉල්ලා සිටි බව ද විපක්ෂ නායකවරයා සඳහන් කරනවා.