
‘Rebuilding Sri Lanka’ අරමුදලට සමාගම් කිහිපයකින් මුදල් පරිත්‍යාග
දිට්වා සුළිකුණාටුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමට පිහිටු වූ ‘Rebuilding Sri Lanka’ අරමුදලට Yaden Laboratories පුද්ගලික සමාගම රු.මි. 20 ක් පරිත්‍යාග කර තිබෙනවා.
ඊට අදාල චෙක් පත එම සමාගමේ කළමනාකාර අධ්යක්ෂ ශෂිමාල් දිසානායක මහතා විසින් ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති ලේකම් ආචාර්ය සනත් නන්දික කුමානායක මහතා වෙත ඊයේ බාර දුන්නා.
මීට අමතරව Macksons Paints Lanka (Pvt.) Ltd සමාගම රු.මි.5 ක් ප්‍රධානය කළේ එහි කළමනාකාර අධ්යක්ෂ ඩී.ඒ.නිශ්ශංක මහතායි.
Narmatha Gold Center (Pvt.) Ltd සමාගම ප්‍රධානය කළ රු.මි. 2.5 ක මුදල එහි සභාපති එන්.ජෙගතීශ්වරන් මහතා ප්‍රධානය කළා.
IWW Steel Industries සමාගමේ රු.මි. 2.5 ක මුදල පරිත්‍යාග කළේ එහි සභාපති ආචාර්ය ශිවලිංගම් රමේෂ් මහතා අතින්.




