Robin Hoodගේ ගස කපා දමයි (PHOTOS)

Robin Hoodගේ ගස කපා දමයි (PHOTOS)

බ්‍රිතාන්‍යයේ වඩාත්ම කැපී පෙනෙන Robin Hood ගේ ගස ලෙස හැඳින්වූ ශාකය හිතාමතාම කිසියම් පිරිසක් විසින් කපා දමා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

Northumberland හි Hadrian’s තාප්පයට යාබදව පිහිටා ඇති Sycamore Gap ප්‍රදේශයේ Robin Hood ගේ ගස කපා දැමීම ගැන පොලිසිය මේ වනවිට විමර්ශන ආරම්භ කර ඇති බවයි සඳහන් වන්නේ.

ලෝක ප්‍රසිද්ධ ඡායාරූප ශිල්පී Ian Sproat පවසන්නේ ගස කපා දමා ඇති ආකාරය දුටු විට ඔහුව කම්පනයට පත් වූ බවයි.

1991 වසරේ Robin Hood: Prince of Thieves චිත්‍රපටයේ රූගත කිරීම්වලට යොදාගත් මෙම ගස, 2016 වසරේ දී වසරේ ගස ලෙස සම්මානයට පාත්‍ර වුණා.

The National Trust හෙවත් ජාතික සංස්කෘතික භාරකාරීත්වය මෙය ඉතා විනාශකාරී ක්‍රියාවක් බව නිවේදනය කර තිබෙනවා.

The National Trust සාමාන්‍යාධිකාරී Andrew Poad පවසන්නේ මෙම ගස වසර 200 කට ආසන්න කාලයක් පුරා Sycamore Gap භූ දර්ශනයේ වැදගත් සහ සංකේතාත්මක අංගයක් වූ බවයි.

කෙසේ වෙතත් ස්වභාවධර්මයට ආදරය කරන සහ එම ගසෙහි වටිනාකම දන්නා පිරිස සංවේදීව සමාජ මාධ්‍ය පුරා සඳහන් කරන්නේ පොලිසිය මෙම සාපරාධී ක්‍රියාව කළ අයව අල්ලා ගත්තත් මේ සංකේතාත්මක ගස ඔවුන්ට මේ වන විට අහිමි වී අවසන් බවයි.

Share This