Secret Santa නිසා ජීවිතයම එපා කරගත්ත තරුණයෙක්

Secret Santa නිසා ජීවිතයම එපා කරගත්ත තරුණයෙක්

නත්තල කියන්නෙම ප්‍රීතිය ඉහවහා ගිය කාලයක්.

”Secret Santa” කියන්නෙත් නත්තලේදී ඉතා සුවිශේෂී ස්ථානයක් ලැබෙන අංගයක්.

මෙහිදී තම මිතුරන්, පවුලේ අය, කාර්යාලයේ සගයන් නිර්නාමිකව තෑගි හුවමාරු කර ගැනීම සිදු කරනවා.

එමෙන්ම තමන්ට ලැබී ඇති සගයාව අනුමාන කිරීමද මෙම ක්‍රියාවේ වැදගත් කටයුත්තක්.

කෙසේ වෙතත් Secret Santa කිරීමට ගොස් අමෙරිකාවේ සිදුවූ සිදුවීමක් පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ මේ පුද්ගලයාට ලැබුණු ත්‍යාගය නිසා ඔහුගේ බලාපොරොත්තු බිඳවැටුණු බවට මේ පුද්ගලයා සමාජ මාධ්‍යට එක් කර තිබූ ඡායාරූපයක් නිසයි.

අමෙරිකාවේ එක්තරා කාර්යාලයක Secret Santa පැවැත්වීමේදී ඩොලර් 25ක් ත්‍යාගය සඳහා එකිනෙකා වියදම් කරන බවට කතිකා කරගෙන තිබුණා.

පසුව Secret Santaගේ ත්‍යාගය හුවමාරු කරගත් අවස්ථාවේදී මේ පුද්ගලයාට ලැබුණු ත්‍යාගය පිටතින් වටිනා දෙයක් වුවත් ඇතුළත තිබී ඇත්තේ ඉතා කුඩා චොකලට් කිහිපයක් පමණයි.

මේ නිසා දැඩි ලෙස කම්පාවට පත් තරුණයා ත්‍යාගයේ ඡායාරූපයක් අන්තර්ජාලයට එක් කරමින් ඔහු නැවතත් කිසිම දිනක Secret Santa අංගය සමග සම්බන්ධ නොවන බවට ප්‍රකාශ කර ඇති බවයි New York Post සඟරාව වැඩිදුරටත් වාර්තා කරන්නේ.

Share This