Shenzhou-20 මෙහෙයුමේ ගගනගාමීන් චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානයට (PHOTO)

Shenzhou-20 මෙහෙයුමේ ගගනගාමීන් චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානයට (PHOTO)

චීනයේ Shenzhou-20 අභ්‍යවකාශ යානය කක්ෂගත අභ්‍යවකාශ මධ්‍යස්ථානය සමග සම්බන්ධ වීමෙන් පසු, එහි ගගනගාමීන් තිදෙනෙකු අභ්‍යවකාශ යානයේ කැප්සියුලයෙන් කක්ෂීය මොඩියුලයට ඇතුළු වී තිබෙනවා

ඒ අනුව චීනයේ Jiuquan චන්ද්‍රිකා අභ්‍යවකාශගත කිරීමේ මධ්‍යස්ථානයේ සිට ඊයේ (24) පස්වරුවේ අභ්‍යවකාශගත කළ Shenzhou-20 යානය අද (25) අලුයම 1:17ට පමණ කක්ෂගතව වී ඇති බව සඳහන්

අනතුරුව චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත සාර්ථකව ළඟා වූ කැප්සියුලයෙන් පැමිණි ගගනගාමීන් උණුසුම් ලෙස පිළිගැනීමට එහි මෙහෙයුම්වල නිරතව සිටි Shenzhou-19 ගගනගාමීන් පියවර ගෙන තිබුණා.

ඒ සමඟම චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ රැඳී සිටින, ගගනගාමීන් සංඛ්‍යාව මේ වනවිට හයක් වන අතර ඔවුන් විවිධ කාර්යයන් සම්පූර්ණ කරමින් ඉදිරියේ දී සිය මෙහෙයුම්වල නිරත වනු ඇති.

මෙවර අභ්‍යවකාශ මෙහෙයුමට එක් ව තිබුණේ, Chen Dong, Chen Zhongrui සහ Wang Jie යන ගගනගාමීන් තිදෙනායි.

චීනයේ 10 වැනි අභ්‍යවකාශ දිනය යෙදී තිබූ ඊයේ දිනයේ දී Shenzhou-20 අභ්‍යවකාශ මෙහෙයුම සිදු කිරීම විශේෂත්වයක්

චීනය සිය පළමු චන්ද්‍රිකාව අභ්‍යවකාශගත කළේ මීට වසර 55කට පෙර දියි

එමෙන්ම මීට වසර 22කට පෙර චීනය සිය මිනිසුන් සහිත අභ්‍යවකාශ මෙහෙයුම් සාර්ථකව ආරම්භ කළ අතර මෙවර අභ්‍යවකාශ මෙහෙයුම, ඉතිහාසයට එක් වන්නේ, Shenzhou අභ්‍යවකාශ මෙහෙයුම් මාලාවේ 20 වැන්න ලෙසයි.

Share This