සීනි ගෙන්වීමේදී කෝටි 1600ක පාඩුවක් – වාසිය ආනයනකරුවන් හයකට – මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා
සීනි ආනයනයේදී රජයට 2020 ඔක්තෝබර් මස 14 වැනිදා සිට මෙම වසරේ පෙබරවාරි 20 වැනිදා දක්වා වූ කාලයේදී රුපියල් කෝටි 1600ක පමණ පාඩුවක් සිදු වී ඇතැයි මුදල් අමාත්‍යාංශය මුදල් පිලිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට ඉදිරිපත් කළ විමර්ශන වර්තාවක දැක්වෙන බව එම කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතා පවසන බව අද පත්තරේ වැඩසටහනේදී අනාවරණය කළා.
මේ පාඩුව සිදුවී ඇත්තේ අපේක්ෂිත බදු ආදායම් අහිමිවීම නිසා බවට ඔහු සඳහන් කර තිබෙනවා.
එමෙන්ම සීනි බදු අඩු කිරීම නිසා මෙරට ප්‍රධාන පෙළේ ආනයනකරුවන් හය දෙනෙකුට වැඩි වාසියක් සැලසී ඇතැයි පෙනී යන බව මුදල් පිලිබඳ කාරක සභාව පවසන බවද අද පත්තරේ වැඩසටහනේදී ඉදිරිපත් කළා .