Super Size Me චිත්‍රපටයේ අධ්‍යක්ෂ Morgan Spurlock මියයයි

Super Size Me චිත්‍රපටයේ අධ්‍යක්ෂ Morgan Spurlock මියයයි

ඔස්කාර් සම්මානය සඳහා නිර්දේශිත වාර්තා චිත්‍රපට නිෂ්පාදකයෙකු හා චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් වන Morgan Spurlock (මෝගන් ස්පර්ලොක්) ජිවිතක්ෂයට පත්වී තිබෙනවා.

ඔහු මියයන විට 53 හැවිරිදි වියේ පසුවූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

2004 වසරේ තිරගත වූ ඔහුගේ ක්ෂණික ආහාර පිළිබඳව නිර්මාණය කර තිබූ චිත්‍රපටිය වන Super Size Me චිත්‍රපටය ඔහුගේ නිර්මාණ අතර ඉතාමත් ප්‍රසිද්ධියට පත්වූ චිත්‍රපටයක්.

එම චිත්‍රපටය සඳහා ඔහුට හොඳම වාර්තා චිත්‍රපටය සඳහා වන ඔස්කාර් සම්මානයද හිමිවුණා.

ඔහු 2008 වසරේ Where in the World is Osama bin Laden, සහ 2013 One Direction tour movie This Is Us ඇතුළුව චිත්‍රපට සහ වාර්තා චිත්‍රපට 20කට වඩා අධ්‍යක්ෂණය කර තිබෙනවා.

පිළිකා රෝගයෙන් ඇති වූ සංකූලතා හේතුවෙන් ඔහු මිය ගිය බවයි ඔහුගේ පවුලේ අය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ.

Share This