Surfing ක්‍රීඩාවේ අති දක්ෂයෙකු වූ Mikala Jones මියයයි

Surfing ක්‍රීඩාවේ අති දක්ෂයෙකු වූ Mikala Jones මියයයි

Hawai හි Surfing ක්‍රීඩක Mikala Jones ඉන්දුනීසියාවේ මෙන්ටාවායි දූපත්වල රළ පැදීමේදී අනතුරකින් මියගොස් තිබෙනවා.

44 හැවිරිදි Mikala Jones ලෝකය පුරා ප්‍රසිද්ධියට පත් වූයේ බිඳෙන රළ මැදින් ගමන් කරන විට ඔහු රූගත කරන ඔහුගේ විස්මිත වීඩියෝ දර්ශන නිසා බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඔහුගේ මරණය සම්බන්ධයෙන් තවමත් නිශ්චිත තොරතුරු මාධ්‍යයට මුදාහැර නොමැති බව ද සඳහන්.

ඉන්දුනීසියාවේ බටහිර සුමාත්‍රා පළාතේ මෙන්ටාවායි දූපත් ලොව විශිෂ්ටතම Surfing ස්ථාන කිහිපයක් ලෙස හඳුනාගෙන තිබෙනවා.

Surfing ලෝක ශූරයෙකු වන ක්‍රීඩක Kelly Slater Instagram’හි සටහනක් තබමින් සඳහන් කරන්නේ ඇදහිය නොහැකි තරම් දක්ෂ surfing ක්‍රීඩකයෙකු ලෝකයට අහිමි වූ බවයි.

Share This