T20 ලෝක කුසලානය හිමි කරගන්නා කණ්ඩායමට ලැබෙන ත්‍යාග මුදල

T20 ලෝක කුසලානය හිමි කරගන්නා කණ්ඩායමට ලැබෙන ත්‍යාග මුදල

මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ජයගන්නා කණ්ඩායමට ලබාදෙන මුදල් ත්‍යාගය, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව ජයග්‍රාහී කණ්ඩායමට අමෙරිකානු ඩොලර් මිලියන 2.45ක මුදලක් ලබාදීමට තීරණය කර ඇති බවයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සඳහන් කළේ.

එමෙන්ම අනුශූරයින් සඳහා ලබාදීමට අපේක්ෂිත මුදල අමෙරිකානු ඩොලර් මිලියන 1.28ක් බව සඳහන්.

මීට අමතරව අවසන් පූර්ව වටයේ පරාජිත කණ්ඩායම් සඳහා අමෙරිකානු ඩොලර් 787,500ක මුදලක් ලබාදීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව මෙවර සමස්ත තරගාවලියේ කණ්ඩායම් සඳහා වෙන්කර ඇති ත්‍යාග මුදල අමෙරිකානු ඩොලර් මිලියන 11.25ක් බවයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පවසන්නේ.

එය විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියක් සඳහා මේ දක්වා වෙන්කර ඇති වැඩිම ත්‍යාග මුදල වනවා.

Share This