T20 කාන්තා ලෝක කුසලානය නවසීලන්තයට

T20 කාන්තා ලෝක කුසලානය නවසීලන්තයට

T20 කාන්තා ලෝක කුසලානය දිනා ගැනීමට නවසීලන්ත නවසීලන්ත කාන්තා කණ්ඩායම සමත් වුණා

ඒ දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම ලකුණු 32කින් පරාජයට පත් කරමින්

මෙම තරගාවලියේ අවසන් මහා තරගය අද (20) රාත්‍රියේදී ඩුබායිහිදී පැවැත්වුණා

තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් නවසීලන්තය නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 05ක් දැවී ලකුණු 158ක් ලබා ගත්තා

අනතුරුව ලකුණු 159ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි දකුණු අප්‍රිකානු කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 09ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 126ක් පමණයි

එමෙන්ම T20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියකදී නවසීලන්තය දිනා ගත් පළමු ලෝක කුසලානය මෙය වනවා

Share This