Tacosවලට දමා බිරිඳගේ මොළය අනුභව කළ මෙක්සිකානු මිනිසා

Tacosවලට දමා බිරිඳගේ මොළය අනුභව කළ මෙක්සිකානු මිනිසා

තම බිරිඳ ඝාතනය කර ඇගේ මොළය Tacosවලට දමා අනුභව කළ බවට චෝදනා ලබමින් මෙක්සිකෝවේදී පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

32 හැවිරිදි Alvaro පසුගියදා Pueblo හි ඔහුගේ නිවසේ සිටියදී අත්අඩංගුවට ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

වෘත්තියෙන් ඉදිකිරීම්කරුවෙකු වන Alvaro පොලිසියට පවසා ඇත්තේ යක්ෂයා තමාට අපරාධය කිරීමට අණ කළ බවයි.

මේ අතර ඔවුන්ගේ නිවසේ තිබී කළු මැජික් පූජාසනයක්ද විමර්ශනයේදී පොලිසිය සොයා ගෙන තිබෙනවා.

විදෙස් මාධ්‍ය පවසන්නේ විත්තිකරු තම බිරිඳගේ මොළයේ කොටසක් Tacos සමග අනුභව කර ඇගේ කැඩුණු හිස් කබල අළු බඳුනක් ලෙස භාවිතා කළ බවට පාපොච්චාරණය කර ඇති බවයි.

Alvaro 38 හැවිරිදි මාරියා මොන්ට්සෙරාට් සමඟ විවාහ වී වසරක්වත් ගතවී නොමැති අතර ඇයට දියණියන් පස් දෙනෙක් ඇති අතර Alvaro එම දියණියන්ටද හිරිහැර කර ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Share This