Taylor Swiftගෙන් තවත් Grammy වාර්තාවක්

Taylor Swiftගෙන් තවත් Grammy වාර්තාවක්

Grammy සම්මාන උළෙලේ වසරේ ගීතය සඳහා ඇයගේ Taylor Swiftගේ ගීතය ඇතුළත් වීමත් සමග ඇය තවත් වාර්තාවකට හිමිකම් කියන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ Grammy සම්මාන උළෙලේදී හොදම ගීත රචකයාට වන සම්මානය සඳහා නාම යෝජනා සඳහා හත්වරක් ඇතුළත් වීමත් සමගයි.

මිට පෙර හොදම ගීත රචකයාට හය වතාවක් නිර්දේශ වූ Sir Paul McCartney සහ Lionel Richie අභිබවා යමින් Taylor මෙම වර්ත්ජව තැබීමට සමත් වුණා.

මෙවර Taylor Swift ඇයගේ ”Anti-Hero” ගීතය සඳහා හොදම ගීත රචකයා ලෙස නිර්දේශ වී තිබෙනවා.

එමෙන්ම Taylorගේ ගීත ඇල්බමය වන Midnights වසරේ ඇල්බමය සඳහාද නිර්දේශ වී ඇති අතර වසරේ ඇල්බමය සඳහා ඇය නිර්දේශ වී ඇත්තේ හයවන වතාවට බවයි සඳහන් වන්නේ.

මෙම වසරේ Grammy සම්මාන උළෙල 2024 පෙබරවාරි 4 වන දින Los Angelesහිදී පැවැත්වීමට නියමිතයි.

Share This