
TCG Kinaliada නෞකාව නිල සංචාරයක් සඳහා කොළඹ වරායට පැමිණෙයි
තුර්කි ජනරජ නාවික හමුදාවට අයත් TCG Kinaliada නෞකාව නිල සංචාරයක් සඳහා අද (09) කොළඹ වරායට පැමිණ තිබෙනවා.
එහිදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකූලව පිළිගැනීමට කටයුතු කර ඇති බව සඳහන්.
මෙලෙස කොළඹ වරායට පැමිණි TCG Kinaliada නෞකාව, දිගින් මීටර් 99.5 ක් හා නැව් මුළුව 152 ක ගෙන් සමත්විත වන අතර, නෞකාවේ අණදෙන නිලධාරී ලෙස කොමාණ්ඩර් Serkan Dogan කටයුතු කරන බවයි වාර්තා වන්නේ.
එමෙන්ම TCG Kinaliada නෞකාවේ අණදෙන නිලධාරී කොමාණ්ඩර් Serkan Dogan සහ බටහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් සමන් පෙරේරා මහතා අතර නිල හමුවක් ද අද (09) දින සිදුව ඇති බව සඳහන්.
නෞකාව දිවයිනේ රැඳී සිටින කාලසීමාව තුළ එහි නැව් මුළුව දිවයිනේ වැදගත් ස්ථාන නැරඹීම සඳහා ප්‍රදේශ කිහිපයක සංචාරය කිරීමටද නියමිතව ඇති බව සඳහන්.
තවද TCG Kinaliada නෞකාව නිල සංචාරය අවසන් කරමින් ජුලි මස 11 වන දින දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව ඇති අතර එහිදී ශ්‍රී ලංකා නාවික හමුදා නෞකාවක් සමඟ බටහිර නාවික විධානයට අයත් මුහුදු තීරයේදී නාවික අභ්‍යාසයක නිරත වීමටද නියමිතව තිබෙනවා.