Tesla පසු කරන්න සැරසෙන චීනයේ BYD

Tesla පසු කරන්න සැරසෙන චීනයේ BYD

චීන සමාගමක් වන BYD ලොව විශාලතම විද්‍යුත් වාහන නිෂ්පාදකයා වන Elon Musk ගේ Tesla සමාගමේ අලෙවිවීම් පසු කිරීමට ආසන්න බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

BYD සමාගම 2023 අවසන් මාස තුන තුළ වාර්තාගත ලෙස බැටරි මගින් පමණක් ක්‍රියාත්මක වන වාහන 526,000ක් අලෙවි කර තිබෙනවා.

ඒ නිසා දෙසැම්බර් මාසයේදී විකුණුම් 70% කට වඩා වැඩි වී ඇති බවයි එම සමාගමේ වාර්තාවල දැක්වෙන්නේ.

අඟහරුවාදා වෝල් වීදිය විවෘත කිරීමට පෙර එක්සත් ජනපදය පදනම් කරගත් ටෙස්ලා සිය නවතම කාර්තුමය වාහන නිෂ්පාදනය සහ බෙදා හැරීමේ සංඛ්‍යා නිකුත් කිරීමට නියමිතය.

සමස්තයක් වශයෙන් BYD සමාගම පවසන්නේ බැටරි මගින් පමණක් ක්‍රියාත්මක වන වාහන සහ HYBRID වාහන මිලියන 3කට ආසන්න ප්‍රමාණයක් අලිවී වී ඇති බවයි.

එමෙන්ම එහි මුළු අලෙවියෙන් මිලියන 1.6 කට ආසන්න ප්‍රමාණයක් බැටරි මගින් පමණක් ක්‍රියාත්මක වන වාහන වීම විශේෂත්වයක්.

කර්මාන්ත විශ්ලේෂකයින් අනාවැකි පළ කර ඇත්තේ 2023 අවසන් මාස තුන තුළ Tesla සමාගම විසින් විදුලි වාහන 483,000 ක් පමණ අලෙවි කර ඇති අතර සමස්තයක් ලෙස වසර තුළදී මිලියන 1.82 ක් අලෙවි කර ඇති බවයි.

Share This