“Tesla” ඉන්දියාවටත් එන්න සූදානම්

“Tesla” ඉන්දියාවටත් එන්න සූදානම්

Tesla හි ප්‍රධාන විධායක නිලධාරී Elon Musk තම සමාගම හැකි ඉක්මනින් ඉන්දියාවට රැගෙන ඒමට සූදානම් බව පවසා තිබෙනවා

එක්සත් ජනපදයේ රාජ්‍ය සංචාරයක නිරතව සිටින ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව ඔහු මෙම අදහස් පළ කළ බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ

එමෙන්ම වාණිජ ක්ෂේත්‍රයේ ආයෝජන අවස්ථා ගවේෂණය කිරීමට Elon Musk ට ආරාධනා කළ බව ඉන්දීය රජය ප්‍රකාශ කර තිබෙනවා

නිවැරදි වේලාවේදී Tesla සමාගම ඉන්දියාවට පැමිණීමට උත්සාහ කරන බව Elon Musk සඳහන් කර ඇති බවයි පැවසෙන්නේ

මේ අතර ටෙස්ලා විසින් විදුලි වාහන නිෂ්පාදනය සඳහා කර්මාන්ත ශාලාවක් පිහිටුවීමට යෝජනා කර ඇති අතර ඉන්දියාව තුළ EV බැටරි නිෂ්පාදනය කිරීමට ද අපේක්ෂා කරන බව රොයිටර් පුවත් සේවය වාර්තා කර තිබෙනවා

තම සමාගම SpaceX විසින් මෙහෙයවනු ලබන Starlink චන්ද්‍රිකා අන්තර්ජාල සේවාවද ඉන්දියාවට ගෙන ඒමට බලාපොරොත්තු වන බව Elon Musk සඳහන් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි තෙදින රාජ්‍ය සංචාරයක් සඳහා නිව්යෝර්ක් වෙත පැමිණ ඇති අතර එය ඉන්දියාව සහ එක්සත් ජනපදය අතර ද්විපාර්ශ්වික සබඳතා සඳහා හැරවුම් ලක්ෂයක් වනු ඇති බවද විදෙස් මාධ්‍ය පවසනවා .

ජනාධිපති ජෝ බයිඩන් සමග ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සෘජු සාකච්ඡා පැවැත්වීමට බලාපොරොත්තු වන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබෙන්නේ

Share This